මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට සහ ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් ADB සභාපතිගේ පැසසුමට

    March, 11, 2026

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අතර හමුවක් පසුගිය ද‍ා පැවැත් වූණි.

    ඒ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යතුමිය විසින් පිලිපීනයේ මැනිලා නුවර සිදු කළ නිල සංචාරය අතරතුර දී යි.

    එහි දී ශ්‍රී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව අතර ශක්තිමත් හවුල්කාරිත්වය දෙපාර්ශවයම නැවත වරක් තහවුරු කළ අතර, මෑත කාලීන ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට සහ ස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් සභාපතිවරයා විසින් අගය කර ඇත.

    ශ්‍රී ලංකාව සමඟ ADB හි පුළුල් සංවර්ධන සහයෝගීතාවය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය විසින් ඔවුන් වෙත කෘතඥතාව පළ කර ඇති අතර ප්‍රධාන අංශ කිහිපයක් හරහා ADB සහාය දක්වන ව්‍යාපෘතීන් වල වැදගත්කම ද සාකච්ඡාවේදී අවධාරණය කර ඇත.