මෙරට ප‍්‍රථම වතාවට ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ටතා අගයනු වස් SLT Zero One Awards සම්මාන උළෙල දියත් කෙරේ

    September, 29, 2016

    ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙරට ප‍්‍රථම වතාවට පැවැත්වෙන ඩිජිටල් විශිෂ්ටතා ඇගයීම් සම්මාන උළෙළ වන “SLT Zero One Awards for Digital Excellence” ආරම්භ කරන ලදි. විවිධ ඩිජිටල් ක‍්‍රියාදාම ආශ‍්‍රිතව විශිෂ්ටතා ප‍්‍රකට කරන ආයතන, පුද්ගලයන් හා සන්නාම ඇගයීමට ලක් කිරීමෙ මෙහි අරමුණයි. 2016 සැප්තැම්බර් 27 දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ බව ප‍්‍රකාශයට පත් කරන ලදි. මේ වෙනුවෙන්ම විශේෂිත වෙබ් අඩවියක්ද www.01awards.lk සහ www.zerooneawards.lk යන ලිපින සහිතව දියත් කළ අතර ඩිජිටල් ක්ෂේත‍්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී ප‍්‍රයත්නයෙහි කොටස්කරුවන් වන ලෙස ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනෙකුත් ආයතන හා පුද්ගලයන් හට ඇරයුම් කරයි.

    මෙම අවස්ථාවට සහභාගී වූ විදුලිසංදේශන හා ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍ය ගරු හරීන් ප‍්‍රනාන්දු මහතා දැක්වූ අදහස් මෙසේය: ‘‘ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් අලෙවිකරණ ක‍්‍රියාදාම ව්‍යාප්ත කිරමේ අරමුණින් ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් හදුන්වා දෙන ලද මෙම සුවිශේෂී සම්මාන උළෙල ගැන අප සියලූ දෙනාම සතුටට පත් විය යුතුයි. ඩිජිටල් මාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ දේශීය නියෝජනය හා දස්කම් ඉහළට ඔසවා තැබීම ස`දහා මෙවැනි සම්මාන ප‍්‍රදානයන් වැදගත් වන බව මගේ අදහසයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඩිජිටල් නවෝත්පාදනයන් සිදු කිරීමේ අවස්ථාව විවිධ සංවිධාන, ආයතන හා පුද්ගලයන් වෙනුවෙන් විවර කිරීම තුළින් දේශීය ආර්ථීකයට විශේෂ දායකත්වයක් දක්වන සමාගමක් වශයෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කැපී පෙනීමටද මෙවැනි මෙහෙයුම් හේතු වෙනවා.’’

    SLT ZeroOne සම්මාන හා ත්‍යාග උළෙල පිළිබඳව අදහස් පළ කරමින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ සඳහන් කළේය: ‘‘වර්තමාන සමාජය තුළ ඩිජිටල් තාක්‍ෂණික භාවිතය දින දින ඉහළ යමින් පවතිනවා වගේම උපක‍්‍රමිකව හා නිවැරදිව භාවිත කරනු ලැබුවහොත් ව්‍යාපාරික සමාගම් හා වෙනත් සංවිධාන සතු අලෙවිකරණ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම ස`දහා එය සාර්ථකව භාවිත කළ හැකියි. කෙසේ වෙතත්, ඩිජිටල් තාක්‍ෂණික සහාය ඇසුරින් තම දෛනික කටයුතු නවෝත්පාදනාත්මකව ඉටු කරන ලෙස ඇතැම් ආයතන හා සංවිධාන තවදුරටත් දිරිමත් කළ යුතු තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන්ම අලෙවිකරණ උපාය මාර්ග හා ප‍්‍රවර්ධන වැඩසටහන්වලදී ඩිජිටල් තාක්‍ෂණික සහාය වැඩි වැඩියෙන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකියි’’.

    මේ පිළිබඳව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර මහතා පළ කළේ මෙවැනි අදහසකි: ‘‘ශ‍්‍රී ලංකාව තුළ ඩිජිටල් මාධ්‍ය කර්මාන්තය නගා සිටුවීම සඳහා අපට සිදු කළ හැකි හොඳම කාර්යයක් වන්නේ මෙවැනි ගෞරවනීය සම්මාන උළෙලක් හඳුන්වා දීම බව අප කල්පනා කරනවා. ඉතා පුළුල් අරමුණක් සහිතව ක‍්‍රියාත්මක කරනු ලබන මෙම සම්මාන උළෙල තනි පුද්ගලයන්, නියෝජිතායතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්, සන්නාම, බහුජාතික සමාගම් මෙන්ම සිසුන් ඇතුළු විශාල පරාසයක විසිරී සිටින පිරිසකට විවෘතයි. සෑම වසරකම නව වැඩිදියුණු කිරීම් රැසක්ද සහිතව වාර්ෂික සම්මාන උළෙලක් ලෙස මෙය දිගටම පවත්වා ගැනීම අපේ අරමුණයි’’.

    මෙම ක‍්‍රියාදාමය හරහා දිවයින තුළ ඩිජිටල් තාක්‍ෂණික විශිෂ්ටතාව ඉහළ මට්ටමකට ගෙන යමින් ඩිජිටල් මාධ්‍ය ක්ෂේත‍්‍රයක් ස්ථාපිත කොට එය වැඩිදියුණු කිරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය බලාපොරොත්තු වෙයි. මීට අමතරව, ඩිජිටල් මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ දේශීය විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරෙන වේදිකාවක් මෙමගින් බිහි වනු ඇත.

    මෙම සම්මාන උළෙලේ තීරක මඬුල්ල නුදුරේදීම ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. මීට අදාළ වැඩි විස්තර සඳහා www.01awards.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    https://www.youtube-nocookie.com/embed/dq2iaS0PCKE?rel=0