මෙරට මුස්ලිම් බැංකු හා මූල්‍ය වත්කම් ඩොලර් මිලියන 373 ක් දක්වා ඉහළට

    May, 14, 2015

    ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්තය කුඩා වුවත් එහි වත්කම්වල වටිනාකම 2014 වසර අවසන් වනවිට රුපියල් බිලියන 50 ක් දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ පැවති උත්සවයකදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය (IBF) කර්මාන්ත සම්මාන ප්‍රදාන උත්සවය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ 2013 වසරේදී රුපියල් බිලියන 35 ක්ව පැවති ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් 2014 අවසන් වනවිට සියයට 42 කින් වර්ධනය වී තිබෙන බවයි.

    ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු අංශයේ වත්කම් වලින් ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය මේ වනවිට සියයට 01 කටත් අඩු අගයක් ගනී.

    අමාත්‍යවරයා පැවසුවේ මෙරට බැංකු අංශයේ වත්කම් වලට සාපේක්ෂව ඉස්ලාමීය බැංකු හා මූල්‍ය අංශයේ වත්කම් ප්‍රමාණය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ ඒ පිළිබඳව දැනුවත් භාවය අඩුවීම බවත් මෙරට මුස්ලිම් ජනතාවගෙන් සියයට 85 ක් පමණම මේ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී නොමැති බවයි.