මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව 2016 සාර්ථකව නිමකරයි

    March, 10, 2017

    නව ශාඛා ඇතිකිරීම, ස්වයංක‍්‍රීයකරණය සහ තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් සේවා සම්පාදනයේ සංධිස්ථාන රැසක් පසුකරයි

    කොමර්ෂල් බැංකුව 2016 වාර්තා කළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනය පදනම් වූයේ එම වසර තුල බැංකුව විසින් සේවා සම්පාදනයේ පසුකළ කැපී පෙනෙන සංධිස්ථානයන් කීපයක් මත බව බැංකුව නිවේදනය කර තිබේ.

    පසුගියදා එළිදැක්වූ මූල්‍ය වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ වඩාත් ලාභදායී පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ සිය ශාඛා පුළුල් කිරීමේ වැඩසටහන අනුව ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම වාණිජ බැංකුව ලෙස 2016 අවසානය වනවිට දිවයින පුරා කොමර්ෂල් බැංකු ශාඛා 256 ක් පිහිටා තිබූ බවයි. බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය 658 ක් දක්වා වර්ධනය වූ අතර එය 99.6% ක කාලයක් ක‍්‍රියාත්මක විය.

    ස්වයං බැංකු සේවා පුළුල් කිරීමට ගන්නා උත්සාහය යටතේ කොමර්ෂල් බැංකුව නව ස්වයංක‍්‍රීය බැංකු මධ්‍යස්ථාන පහක් ආරම්භ කර තිබෙන අතර මේවා තුළින් ගනුදෙනුකරුවන්ට තමන් විසින්ම පුළුල් සේවාවන් මාලාවක් සිදුකර ගත හැකිය.

    ‘සේවාවන් ලබාදීම සම්බන්ධව අපගේ දැක්ම පිළිබඳව අපි ඉහළින්ම විශ්වාසය තබනවා. එය තාක්ෂණය අතින් හෝ ශාඛා අතින් විය හැකියි. අපගේ මූල්‍ය කාර්ය සාධනය සමග එම දැක්ම අපගේ සාර්ථකත්වයේ ප‍්‍රධාන කුළුණක් බවට පත්වී තිබෙනවා.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මෙරට විශාලතම පුද්ගලික වාණිජ බැංකුව ලෙසින් අපට තිබෙන ස්ථානය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අප සමත්වී තිබෙනවා. එසේම, තාක්ෂණය සම්බන්ධ නවෝත්පාදන මගින් පාරිභෝගික පහසුව සලසන මෙරට ප‍්‍රධාන ආයතන අතර අපගේ බැංකුව ප‍්‍රමුඛස්ථානයක් උසුලනවා.’

    ස්වයංක‍්‍රීයගත කිරීම වෙනුවෙන් බැංකුව සිදුකළ ආයෝජනයන්ට තවත් උදාහරණයක් වන්නේ 2016 වසරේදී මෙරට මුදල් නෝට්ටු තැන්පතු කිරීමේ යන්ත‍්‍ර (CDMs) 29 ක් සහ මුදල් රීසයික්ලර් යන්ත‍්‍ර 10 ක් ස්ථාපිත කිරීමයි. මේ සමග බැංකුව විසින් මෙරට ස්ථාපිත කර තිබෙන මුදල් නෝට්ටු තැන්පතු කිරීමේ යන්ත‍්‍ර ප‍්‍රමාණය 40 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම යන්ත‍්‍ර වලින් ගනුදෙනු කිරීමේදී කඩදාසි භාවිතය සම්පූර්ණයෙන්ම නතර කර තිබෙන නිසා ඒවා පරිසර හිතකාමී වේ. දිනපතා තම මුදල් බැංකු කාල වේලාවෙන් පිට පවා තැන්පත් කරන ක්ෂුද්‍ර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට මුදල් රීසයික්ලර් යන්ත‍්‍ර ඉතාමත් වැදගත්වේ.

    2016 වසරේදී බැංකුව විසින් ජංගම දුරකතන සහ ටැබ් පරිගණක වලින් භාවිතා කළ හැකි ඇප් සේවාවක් වන e Passbook ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. තම ගිණුම යාවත්කාලීන වන ආකාරය අන්තර්ජාලය ඔස්සේ බලාගැනීමේ හැකියාව මෙමගින් ලබාදෙන අතර මෙය දකුණු ආසියාවේ පළමුවෙන්ම ආරම්භ කළ එවැනි සේවාව වේ. මේ අතර, වීසා සහ මාස්ටර්කාඞ් සන්නාම යටතේ Near Field Communication (NFC) තාක්ෂණය ක්‍රෙඩිට් කාඞ්පත් බැංකුව විසින් 2016 වසරේදී හඳුන්වා දෙන ලදී.

    කොමර්ෂල් බැංකුව විසින් අංශ තුනක සේවකයින් වෙනුවෙන් ක්‍රෙඩිට් කාඞ්පත් හඳුන්වාදීම, පේ‍්‍රෂණ ලබාගන්නා අය වෙනුවෙන් පේ‍්‍රෂණ පතක් හඳුන්වාදීම, ඇඟලූම් කර්මාන්තයේ සේවකයින් වෙනුවෙන් ‘රන්සළු’ පතක් හඳුන්වාදීම, තේ දළු මිලදීගැනීමේ අංශය වෙනුවෙන් ස්මාර්ට් කාඞ්පතක් හඳුන්වාදීම 2016 වසරේදී සිදුකර තිබෙන අතර මෙම අංශ වෙනුවෙන්ම වෙන්වූ ප‍්‍රතිලාභ මෙමගින් ලබාදීමට කටයුතු කර ඇත. ස්මාර්ට් කාඞ්පත් ගෙවීම් කිරීමේදී ලොව භාවිතා කරන කීර්තිමත් EMV Chip තාක්ෂණයෙන් ශ‍්‍රී ලංකාවේ පිහිටි තම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලය (ATM) සවිබල ගැන්වීමේ කටයුතු බැංකුව විසින් 2016 වසරේදී සම්පූර්ණ කර ඇත. මෙම තාක්ෂණික සවිබල ගැන්වීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ජාලයේ තිබෙන සුරක්ෂිතභාවය තවදුරටත් වර්ධනය වී තිබෙන අතර මෙම ජාලය මගින් පිළිගන්නා විවිධ කාඞ්පත් සන්නාමයන්ගේ ආරක්ෂිත අවශ්‍යතාවයන් සමග ඒකාබද්ධ වීමටද මේ මගින් කටයුතු කර ඇත. තම කාඞ්පත්වල PIN අංක කෙටි පණිවුඩ මගින් යැවීමේ පහසුකම හඳුන්වා දෙමින් Over the Air PIN (OTP) පහසුකම හඳුන්වා දුන් ලංකාවේ පළමු බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. මීට අමතරව, ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ්පත් භාවිතා කරන දෙපිරිසටම ලෝයල්ටි ප‍්‍රතිලාභ ලකුණු ලබාදෙන එකම ලෝයල්ටි වැඩසටහන වන්නේ කොමර්ෂල් බැංකුවේ 2016 දී ආරම්භ කළ ‘මැක්ස් ලෝයල්ටි’ ප‍්‍රතිලාභ වැඩසටහනයි.

    ස්වයංක‍්‍රීය ටෙලර් පතක් නොමැතිව තම ටෙලර් යන්ත‍්‍ර වලින් මුදල් ගැනීමට හැකියාව කොමර්ෂල් බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට 2016 වසරේදී ලබාදුන්නේ පහසුව තව තවත් වැඩිකරමිනි. මුදල් ආපසු ගැනීමට අමතරව කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් ආයතන 25කට වැඩි ගණනක බිල්පත් ස්වයංක‍්‍රීවය ගෙවීමේ පහසුකම්ද මේ වනවිට සලසා ඇත. කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර පද්ධතිය රට පුරාම ව්‍යාප්තවී තිබෙන අතර අති නවීන ටෙලර් යන්ත‍්‍ර බැංකු ශාඛා තුළ මෙන්ම වෙනත් ස්ථාන වලද පිහිටුවා ඇත. සාමාන්‍ය මහජනතාවට, කර්මාන්ත කළාපවල සේවකයින්ට මෙන්ම මගී ජනතාවට පහසුවන අයුරින් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර වලින් අඩකටත් වඩා බැංකු ශාඛා වලින් පිටත පිහිටුවා තිබේ.

    කොමර්ෂල් බැංකුවටම අයත් ගොඩනැගිලිවල පිහිටුවා තිබෙන නව බැංකු ශාඛා පරිසර හිතකාමී ආකෘතියකට අනුව පිහිටුවා තිබෙන අතර මේවා පරිසර හිතකාමී ගෘහ නිර්මාණ සැලසුම් වලින්, සූර්ය විදුලි බල පහසුකම් වලින්, සූර්යා ලෝකය වැඩිපුර ගොඩනැගි තුළට ලැබෙන ලෙස කළ සැලසුම් වලින් සහ බලශක්තිය ඉතිරි කරන උපාංග වලින් සමන්විත වේ. මේ දක්වා මෙවැනි හරිත ශාඛා 10 ක් කොමර්ෂල් බැංකුවේ ශාඛා ජාලයට එක්කර ඇත.

    පරිසරය රැක ගැනීමට සිදුකරන දායකත්වය තවදුරටත් ඉහළ නංවමින් 2016 වසර තුළදී බැංකුව කඩදාසි භාවිතය තවදුරටත් අඩුකළ අතර ඒ සඳහා ඩිජිටල් බැංකුකරණය ප‍්‍රවර්ධනය කරන ලදී. ජංගම සහ අන්තර්ජාල බැංකු කටයුතු සංවර්ධනය කිරීම සහ e Passbook පොතක් හඳුන්වාදීම මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

    බැංකුව විසින් පරිසරය රැකගැනීම වෙනුවෙන් සිදුකරන අනිකුත් ක‍්‍රියාකාරකම් අතරට බලශක්තිය සුරැුකීම, බලශක්තිය ප‍්‍රශස්තකරණය සහ වගකිවයුතු ලෙස වාහන පද්ධතිය කළමනාකරණය කිරීම, අපද්‍රව්‍ය වගකිවයුතු ලෙස මුදාහැරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය, වගකිවයුතු ලෙස ජලය භාවිතා කිරීම, ඕසෝන් ස්ථරයට හානි සිදුකරන දෑ භාවිතය අත්හැරීම, ශාඛා පිහිටා තිබෙන ප‍්‍රදේශවල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහයෝගය ලබාදීම ඇතුළත් වන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අඩුකිරීමයි.

    ආබාධිත පාරිභෝගිකයින්ට තම ශාඛා වෙත ප‍්‍රවේශවීමේ පහසුකම් ඇතිකරමින් රෝද පුටු ගෙනයා හැකි පහසුකම් වර්ධනය කිරීම බැංකුව 2016 වසරේත් සාර්ථකව සිදුකරන ලදී. මේ වනවිට, රෝද පුටු ගෙන යා හැකි පහසුකම් 190 ක් බැංකුව විසින් ගොඩනගා තිබෙන අතර මේ සමගම ශාඛා ජාලයෙන් 75%ක් සඳහා මෙම පහසුකම ඇත.

    2016 මූල්‍ය වසර තුළදී රුපියල් ටි‍්‍රලියනයේ වත්කම් සීමාව පසුකළ ශ‍්‍රී ලංකාවේ පළමු පුද්ගලික වාණිජ බැංකුව බවට පත්වෙමින් මෙම මූල්‍ය වසර ජයග‍්‍රාහීව අවසන් කිරීමට බැංකුව සමත්ව තිබේ. මීට අමතරව, ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවක් සතු වැඩිම තැන්පතු (රුපියල් බිලියන 739.5) සහ අත්තිකාරම් (රුපියල් බිලියන 633.3) කළඹ තිබෙන්නේ කොමර්ෂල් බැංකුව සතුවයි. එසේම, බැංකුව විසින් බදු වලට පසුව 2016 දී ලැබූ රුපියල් බිලියන 14.5 ක ලාභය පුද්ගලික අංශයේ බැංකුවක් ලැබූ ඉහළම ලාභයයි. ඉතිරි කිරීමේ තැන්පතු වලට සාපේක්ෂව ජංගම තැන්පතු අනුපාතය (CASA), ආදායම් වලට සාපේක්ෂව පිරිවැය අනුපාතය, ශුද්ධ මෙහෙයුම් ආදායම සහ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය යන ප‍්‍රධාන මූල්‍ය නිර්නායකයන් ඉතාමත් ඉහළ කාර්යසාධනයක් පෙන්වා තිබෙන අතර ඒවා මෙරට බැංකු සමග සැසඳීමේදී ඉහළම තත්ත්වයේ පවතී.

    කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ 55% ක කොටස් හිමිකාරීත්වයක් සහිත පළමු පෙළ බැංකුවක් ආරම්භ කරමින් සිය ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරන ලදී. මීට අමතරව, සිය මුදල් පේ‍්‍රෂණ සේවාව වන ’කොමෙක්ස්’ ඉතාලියේ ආරම්භ කිරීමටද බැංකුව 2016 නොවැම්බර් මාසයේදී කටයුතු කර ඇත. කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වේ. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබෙන අතර 2016 වසර තුළදී පමණක් ප‍්‍රධාන ජාත්‍යන්තර සම්මාන 10ක් දිනා ගැනීමට බැංකුව සමත්වී තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.