මෙල්ස්ටාකෝප් යටතට ඩිස්ටිලරීස් එයි

    August, 2, 2016

    මෙල්ස්ටාකෝප් සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් බවට ඩිස්ටිලරීස් සමාගම පත්වන බව නිවේදනය කර සිටී. සමාගම් දෙක අතර සිදුවන කොටස් හුවමාරුවක් හරහා මෙම ක්‍රියාවලිය සිදුවීමට නියමිතය. මෙහිදී සිදුවන කොටස් හුවමාරුව යම්තාක් දුරටකට සංකීර්ණ එකක් වන අතර ඒ සඳහා අධිකරණ අනුමැතිය ලබාගැනීමට සමාගම් අපේක්ෂාවෙන් සිටී.

    සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන ගේ සභාපතිත්වයෙන් යුතු මෙල්ස්ටාකෝප් සමූහය යටතට මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් ගණනාවක් අන්තර්ගත වේ.

    ලංකාබෙල්, කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගම, මෙල්ස්ටා රීගල් මූල්‍ය සමාගම, Periceyl (Pvt) Limited, Melsta Logistics Limited, Bellvantage Limited, බලංගොඩ වැවිල් සමාගම මෙල්ස්ටාකෝප් සමූහයේ පූර්ණ අනුබද්ධ සමාගම් වන අතර බ්‍රවුන්ස් බීච් හෝටලයේ 41.88% ක කොටස් අයිතිය, එයිට්කන් ස්පෙන්ස් හි 43.96% ක කොටස් අයිතිය හා මැඩොල්සිම වැවිලි සමාගමේ 45.91% ක කොටස් හිමිකාරීත්වය එය සතුවේ.

    ඩිස්ටිලරීස් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන අතර එය රුපියල් බිලියන 72 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබයි.