මෙල්ස්ටා රීගල් අයිතිය Bluestone1 ට

    April, 3, 2018

    මෙල්ස්ටාකෝප් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි සම්පූර්ණ කොටස් අයිතිය විකුණා දැමීමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපති අමිත ගුණරත්න මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් හි 100% ක කොටසි හිමිකම, Bluestone1 (Pvt) Ltd සමගින් ගිවිසුමකට එළඹ ඇති බවයි.

    මේ අනුව මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ කොටස් 134,029,451 ක් Bluestone1 (Pvt) Ltd රුපියල් බිලියන 2.55 කට (රු. 2,555,150,000) වෙත අලෙවි කෙරෙනු ඇත.

    මේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.