මේ බදාදා රවී නැහැ – කොමිසමට එන්නේ ලබන බදාදා

    July, 26, 2017

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊයේ (25) දිනයේ දී යළිත් වරක් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලදී.

    මේ අනුව අද (26) දිනයේ දී අමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද රාජකාරි කටයුතු හේතුවෙන් කොමිසම හමුවට පැමිණිය හැකි දිනය එළඹෙන බදාදා (02) දිනය බව සිය නීතිඥයින් මාර්ගයෙන් අද දිනයේ දී කොමිසම වෙත දන්වා තිබේ.