මොබිටෙල්, ප‍්‍රධාන විධායක නිළධාරී පුටුව රංජිත් රූබසිංහට

    July, 3, 2014

    2014 ජූනි මස 27 වන දින සිට රංජිත් රූබසිංහ මහතා මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර තිබෙන අතර විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විවිධ අංශ රැසක් සම්බන්ධ අත්දැකීම් ඇති රූබසිංහ මහතා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේද වසර 12 ක කාලයක් සේවය කර ඇත.

    වරලත් ඉංජිනේරුවරයෙකු වන රූබසිංහ මහතා ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතන කවුන්සිලයේ ගෞරව සාමාජිකත්වය දරන අතර එම ආයතනයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශ කමිටුවේ සභාපති තනතුරද හොබවයි. එමෙන්ම ඉංජිනේරුකරණය, විදුලි හා ඉලෙක්ට්‍රොනික විද්‍යා සම්බන්ධ විද්‍යාවේදී උපාධියක්, ඉංජිනේරුකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් මෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයෙන් හිමිකරගත් පශ්චාත් උපාධියක්ද ඒ මහතාට ඇත.