මොබිටෙල් සමාගම යෝජිත පවරාගැනීම සම්බන්ධයෙන් පැතිරෙන ඇතැම් වාර්තා ප්‍රතික්ෂේප කරයි

    November, 28, 2015

    මොබිටෙල් සමාගම විසින් සලකා බලමින් සිටින පවරාගැනීමක් සම්බන්ධයෙන් මේ දිනවල මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ විවිධ මත සහ පූර්ව නිගමන පළවෙමින් පවතී. එහිදී පවරාගැනීම සඳහා නිසි වටිනාකමට වඩා ඉහළ ගෙවීමක් සිදුකිරීමට සූදානම් වන බවට පැතිරී ඇති ඇතැම් වාර්තා මොබිටෙල් සමාගම ප්‍රතික්ෂේප කර සිටියි.

    තම ක්‍රමෝපායික ආයෝජන සැලැස්මට අනුව මෙරට තමන් සතු වෙළඳපොළ ප්‍රමාණය සහ වත්කම් පදනම පුළුල් කරගැනීම සඳහා දේශීය දුරකථන සේවා සමාගමක් පවරා ගැනීමට තමන් අවධානය යොමුකර ඇති බවට මොබිටෙල් (පෞද්ගලික) සමාගම නිවේදනය කර තිබිණි.

    මේ වනවිට එවැනි පවරාගැනීමක් සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියාවලීන් අනුගමනය කරමින් සිටින බවත්, තවම ඒ සම්බන්ධ අවසන් තීරණයකට එළඹී නොමැති බවත් සමාගම තවදුරටත් ප්‍රකාශ කරයි.