මොරිසන් පුතාගෙන් අලුත් වැඩකට ඩොලර් මිලියන 13.5 ක්

    February, 20, 2017

    ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී විසින් නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිරිකිරීම සඳහා පියවර ගෙන තිබේ.

    මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    හෝමාගම පිටිපන පිහිටි SLINTEC නැනෝ තාක්ෂණ උද්‍යානයේ මෙම ඖෂධ නිෂ්පාදනාගරය ඉදිකිරීමට නියමිතය.

    මෙහි වාණිජ මෙහෙයුම් කටයුතු 2019 වසරේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර යෝජිත නිෂ්පාදනාගාරය තුළින් ගෝලීය නියාමන ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට සමාගම අදහස් කර ඇත.

    ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී යනු හේමාස් සමූහයට අයත් සමාගමකි.