මෝටර් කාර් ලීසිං අනුපාතවල වෙනසක්

    November, 17, 2017

    මෝටර් කාර් රථ සඳහා දැනට ක්‍රියාත්මක 50:50 වන වටිනාකමට ණය අනුපාතය (LTV) දෙමුහුන් වාහන සඳහා 70:30 අනුපාතය දක්වා වෙනස් කරනු ලැබේ. ඒ අනුව එවැනි වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගන්නා කෙනෙකුට පෙර පැවති වාහනයේ වටිනාකමින් 50% ගෙවීම වෙනුවට 30% ක් පමණක් ගෙවා වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.

     

    ඒ අනුව වාහන සඳහාවටිනාකමට ණය අනුපාතය අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි වේ.

     

     පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ  වටිනාකමින් 50%
     දෙමුහුන් මෝටර් රථ  වටිනාකමින් 70%
     විදුලියෙන් ධාවනය වන මෝටර් රථ වටිනාකමින් 90%

     

    මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.