මෝටර් සයිකල් බද්ද 90% කින් පහළට

    August, 17, 2017

    එංජින් ධාරිතාව 150CC ට අඩු මෝටර් සයිකල් සඳහා පනවා තිබූ බද්ද සියයට 90 කින් අඩු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

    මේ අතර මිනි ට්‍රක් සහ සිංගල් කැබ් රථ සඳහා වන බද්ද රුපියල් තුන් ලක්ෂයකින් පහත දමන බවද අමාත්‍ය වරයා මෙහිදී කියා සිටියේය.

    අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම බදු සංශෝධන ක්‍රියාත්මක වීමට නියමිතය.