යම් රටක අපරාධ වරදකරුවෙකුට ලංකාවේ ආයෝජනය කිරීමට හැකිද ?

    May, 7, 2014

    යම් කිසි රටකදී අපරාධ වරදකරුවෙකු වූ තැනැත්තෙකු ලංකාවේ ආයෝජනය කිරීමේදී ඒ පිළිබඳව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඒ පිළිබඳව විභාග කර බලා අදාළ ආයෝජකයාට ආයෝජනය කිරීමට අවස්ථාව ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කරන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ විධායක අධ්‍යක්ෂවරිය පැවසුවාය.

    අප සමග අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නීති අංශයේ විධායක අධ්‍යක්ෂවරිය වන පී.කේ. වල්ගම මහත්මිය සඳහන් කළේ එවැනි ආයෝජකයින් පැමිණීම වලක්වන සෘජු නීති ප්‍රතිපාදන මෙරට නොමැති බවයි.

    ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් වාර්තා කර තිබෙන්නේ මිතුරෙකු සමග සුප්‍රකට ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් ඇති කරගත් ලොව පුරා ජනප්‍රිය වූ ගැටුමට අදාළව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකර තිබෙන බවත් යම් හෙයකින් ඔහු අපරාධ වරදකරුවෙකු වුවහොත් ලංකාව, ජපානය, ඕස්ට්‍රේලියාව යන රටවල ඔහුගේ ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීම අනතුරේ වැටීමේ ඉඩක් තිබෙන බවයි.