යාපනයේ මහජන උද්‍යාන 10 ක සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙයි

    January, 18, 2019

    යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පන්නෙයි නාගරික වෙළඳපොළ, කලපුව ඉදිරිපිට උද්‍යානය, සංගිලියන් උද්‍යානය, ඔඩ්ඩුමඩම් කලපුව අසල උද්‍යානය, කොටුව ආශ්‍රිත උද්‍යානය යන නාගරික උද්‍යාන සහ රසාවින්තෝට්ටම් චතුරශ්‍රය, රසල් චතුරශ්‍රය, පාසයියූර් කුඩා උද්‍යාන, කුරුනගර් බීච් රෝඩ් චතුරශ්‍රය යනාදී උද්‍යාන සංවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව එහි සුදුසු නාගරික සංවර්ධන මැදිහත්වීම් සඳහා සංකල්පමය සහ විස්තරාත්මක සැලසුම්කරණය, ලංසු ලියකියවිලි සකස් කිරීම සහ ඉදි කිරීම් අධික්ෂණය සඳහා වන උපදේශක කොන්ත්‍රාත්තුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.