• Ada Derana BIZ Sinhala
  • Comfort
  • sri lanka
  • Surf Excel
  • Unilever

යුනිලිවර්, Comfort හි ප්‍රීමියම් සුවඳ සමඟින් නව Surf Excel 2-in-1 වෙළෙඳපොලට හඳුන්වා දෙයි

September, 7, 2022

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සිය නවතම Surf Excel 2-in-1 රෙදි සෝදන ඩිටර්ජන්ට් නිෂ්පාදන Comfort Fabric Conditionerහි ප්‍රීමියම් සුවඳ සමඟින් වෙළෙඳපොලට හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඒ මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස්වන ජීවන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නිරන්තරයෙන් නව නිෂ්පාදන හඳුන්වාදීමේ යුනිලිවර් ශ්‍රී ලංකාහි කැපවීම යළි යළිත් ප්‍රදර්ශනය කරමිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Comfort Fabric ප්‍රීමියම් සුවඳ සමඟින් ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කරන Surf Excel හි සියලු අන්තර්ගතයන් අත්විඳීමේ හැකියාව පාරිභෝගිකයාට උදා වේ. සෑම රෙදි සේදුමකින් අනතුරුව Comfort හි ප්‍රීමියම් සුවඳ ඇඳුම්වලට නැවුම් බවක් හා සුවඳවත් බවක් එක් කරන අතරම නව සංයෝගය මඟින් රෙදි සේදීමේදීද දෑතට සුමුදු බවක් ගෙන එනු ඇත. ඒ නිසාම රෙදි සේදීම සියලු දෙනාට වඩා ප්‍රසන්න අත්දැකීමක් වනු නොඅනුමානය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකාහි Homecare and Nutritionහි අලෙවි අධ්‍යක්ෂිකා ෂර්මිලා බණ්ඩාර මහත්මිය සඳහන් කර සිටියේ “ එළිමහනේ දරුවන් සෙල්ලම් කරන විට දරුවන්ගේ ඇඳුම්වල කුණු පැල්ලම් ඇතිවීම ගැන පමණක් සිතිය යුතු නැහැ. එය දරුවන්ට සතුටු වීමට, බොහෝ දේ පිළිබඳ අවධානය යොමු කිරීමට, මිතුරන් ඇති කර ගැනීමට වගේම අදහස් බෙදා හදා ගැනීමට කදිම අවස්ථාවක්. ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට අවශ්‍ය පෞරුෂ වර්ධනයත්, සමාජයට නිර්භයව මුහුණදීම සඳහාත් එය ඔවුන්ට ඉතාමත් වැදගත්.” යනුවෙනි. වැඩි දුරටත් අදහස් දැක්වූ ෂර්මිලා මහත්මිය “පරම්පරා ගණනාවක් පුරා ඇඳුම්වල තද පැල්ලම් ඉවත් කිරීම සම්බන්ධයෙන් රට පුරා විසිරී සිටින මව්වරුවන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති Surf Excel, Comfort හි ප්‍රීමියම් සුවඳ සමඟින් රෙදි සේදීම පමණක් නොව සුවඳවත් ඇඳුම් ඇඳීමත් කදිම අත්දැකීමක් බවට පත් කරනු ඇති බව මගේ විශ්වාසයයි’‘ යනුවෙන්ද පවසා සිටින ලදී.

රෝස සහ නිල් පැහැති ඇසුරුම් තුළින් හඳුන්වා දී ඇති Comfort Fabric Conditioner හි ප්‍රීමියම් සුවඳ කැටිකරගත් නවතම Surf Excel 2-in-1 ප්‍රමාණ 7කින් දිවයින පුරා සිල්ලර හා සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දී ඇත.

වසර 26කට වැඩි කාලයක් පුරා මෙරට වෙළෙඳපොල තුළ අලෙවි කරනු ලබන Surf Excel අද වන විට සෑම නිවසකම අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව ඇති අතර ඇඳුම් සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයන රෙදි සෝදන කුඩු ලෙසද සිය ස්ථාවරත්වය තහවුරු කොට ඇත. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ කාලයට ගැලපෙන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් විවිධ නිෂ්පාදන ආකෘති යටතේ ඔවුන් වෙත නවතම නිෂ්පාදන අත්දැකීම් හිමිකර දීමේ Surf Excelහි නිරන්තර ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම නවතම නිෂ්පාදන පාරිභෝගිකයා වෙත හඳුන්වාදීමට කටයුතු කර ඇත.

වසර 84කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් ලෙස සිය අනන්‍යතාව තහවුරු කිරීමට සමත්ව ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 1930 දී පමණ ‘සන්ලයිට්’ රෙදි සෝදන සබන් මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් නිෂ්පාදන වෙළෙඳපොලෙහි පුරෝගාමියා බවට පත් විය. එතැනින් නොනැවතී 1960 වසරේදී පමණ ‘රින්සෝ’ නිෂ්පාදන සමඟ රෙදි සෝදන කුඩු මෙරට වෙළෙඳපොලට හඳුන්වාදීමට යුනිලිවර් ශ්‍රී ලංකා කටයුතු කරනු ලැබුවේ රෙදි සේදීම පහසු හා කාර්යක්ෂම කටයුත්තක් බවට පත් කරමිනි. ඉන් පසුව රෙදි සේදීමේ තවත් සුවිසල් තේරීමක් පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමින් Surf Excel සහ සන්ලයිට් ඩිටර්ජන්ට් පවුඩර් හඳුන්වාදීමට යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කරනු ලැබීය.