යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය Airbus A330 ගුවන් යානා නඩත්තු මෙහෙයුම් ගෝලීය ප්‍රමිතියකට සිදුකරන බව අනුමත කරයි

    December, 5, 2018

    යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (EASA) විසින්  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය එයාර් බස් A330 නඩත්තු මෙහෙයුම් සඳහා  ලබාදෙන EASA 145 සහතිකය ගෝලීය ප්‍රමිතියකට සිදුකරන බව අනුමත කර තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා අංශය MRO ලෙස හඳුන්වයි.  ( - Maintenance, Repair, Overhaul)

     

    මෙම සහතිකය මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙල් (BIA) වෙත පියාසරන කරන සියලුම ගුවන් සේවා වලය අයත් වන එයාර් බස් A320, A321 සහ A330 ගුවන් යානා වල මූලික නඩත්තු කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසේ. A320, A321 සහ A330 ගුවන් යානා වලින් සමන්විත සමස්ත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමූහයට ද මෙම සහතිකය  අයත් වේ.මෙම වසර මුලදී  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ  MRO අංශය යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන EASA 145 සහතිකය එයාර්බස් A320 ගුවන් යානා සඳහා ලබාගැනීමට සමත් වී ඇත. යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (EASA) යුරෝපා සංගමයේ ගුවන් යානා නියාමන අංශය වන අතර ගුවන් සේවා සඳහා ඉහළම ගෝලීය ප්‍රමිතීන් වලට  අනුකූල වන පරිදි එය පවත්වාගෙන යයි.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ  අනෙකුත් ගුවන් සේවා ගනුදෙනුකරුවන්ට ද  ශ්‍රීලංකන් පූර්ණ සේවාවන් දැන් ආරම්භ කිරීමට හැකි බව  සතුටින් දැනුම් දීමට හැකි බවයි.    එසේම මේ හරහා  ශ්‍රීලංකන් ගුවන් යානා සඳහා, පවතින පාරිභෝගිකයින් හා නව ගනුදෙනුකරුවන් සමග නැවත සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.  තවද ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි වැදගත් අංශයක් වන අතර මෙම නව සහතිකය ලබාගැනීම නිසැකවම ගුවන් සමාගමේ ක්‍රියාකාරිත්වයට වැඩි වශයෙන් දායක වීමට හැකියාවක් ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ඩී. ඒ.ජී ජයසූරිය මහතා සඳහන් කළේ ශ්‍රී ලංකන් ඉන්ජිනේරු අංශය පසුගිය වසර දෙකක කාලය තුළ එහි පහසුකම්, සංවිධානාත්මක ව්‍යුහය සහ වෘත්තීය හැකියාවන් වැඩිදියුණු කිරීම සැලකිය යුතු පරිවර්ථනයක් සිදු කර ඇති බවයි. “ වසර ගණනාවක් තිස්සේ අප මෙම සහතිකය ලබාගත් නමුත් අපි ස්ච්චාවෙන් තීරණයකට එළඹුනා මෙම සහතික අත්හිටුවීමට. ඊට හේතුව  අපගේ ගුවන් යානා යාත්‍රාංගනයේ ඉදිකිරීම් කටයුතුවලට කාර්ය මණ්ඩලය පූර්ණ අවධානය යොමුවී තිබුණ නිසාත්  අපගේ වැඩසටහන් යාවත්කාලීන කර ගැනීමට සිදුවූ නිසා  බවද ඒ මහතා පෙන්වා දුන්හ.

     

    EASA හි විගණන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැඩිදියුණු කිරීම් අධීක්ෂණය කරන ලද අතර එම සහතිකය නැවත ලබා ගැනීමට පෙර සම්පූර්ණ විගණනයක් සිදු කරන ලදී. නවීකරණය කරන ලද කාල පරිච්ඡේදය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බලපත්‍රලාභී බලධාරියා වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAA-SL)  සියලු සහතික ලබා තිබිණි.

     

    ශ්‍රීලංකන් ගුවන් සමාගම නඩත්තු සහ ඉංජිනේරු වැඩමුළු  යුරෝපීය ගුවන් සේවා නිරුපද්‍රිතා එජන්සිය (European Aviation Safety Agency) විසින් ලබාදෙන EASA 147 සහතිකය ලබාගැනීමට ද ශ්‍රීලංකන් සමත් වී ඇත.

     

    මෙම වැඩි දියුණු කිරීම් යටතේ ගුවන් සමාගමේ ප්‍රධාන යාත්‍රාංගනයේ භූමි ප්‍රමාණය විශාල කිරීම සහ යාත්‍රාංගනයට නව දොරටුවක් සවි කිරීමට සිදුකරන ලදී.  මෙම වසර මුලදී A320 යානා නවතා තබන යාත්‍රාංගනයට  ද මෙවැනි වැඩි දියුණු කිරීම් කටයුතු සිදුකරන ලදී.