යෝජිත පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානය කුලියාපිටියෙන් හෝමාගමට

    January, 3, 2020

    පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතය විධිමත් කිරීම සඳහා ජාතික මට්ටමේ විෂයානුබද්ධ අන්තර්ගත/ මෘදුකාංග හා පරිගණක යෙදවුම් තාක්ෂණ මධ්‍යස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරංගල්ල වත්ත භූමියෙහි ඉදිකිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.

    යෝජිත මධ්‍යස්ථානයට කොළඹ සිට කිලෝමීටර 90ක් පමණ දුරක් පැවතීමත්, එවැනි දුර බැහැර ස්ථානයක එම මධ්‍යස්ථානය පිහිටුවීම මඟින් පැන නැඟිය හැකි ප්‍රායෝගික දුෂ්කරතාත් සැලකිල්ලට ගෙන එකී මධ්‍යස්ථානය හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පිටිපන ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපනය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.