June, 16, 2023
කොප්රේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ, කළමනාකාර අධ්‍යක්ෂ සහ මූලික නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ උදය කුමාර මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂං සභාව විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශවලට අනුව අදාළ ඉවත් කිරීම සිදුකර ඇත.
මීට අමතරව කොප්රේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කේ.එස්.එස්. වීරසේකර මහතා ද තනතුරෙන් ඉවත් කර තිබේ.
2023 ජූනි 09 වැනි දින සිට මෙම තනතුරුවලින් ඉවත් කිරීම් බලපැවැත්වෙනු ඇත.
මේ අතර කොප්රේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී වැඩිදුරටත් පවසන්නේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ලංකා පෙරේරා මෙනවිය සහ සභාපතිවරයා වශයෙන් ඒ.බී. සේනාදීර මහතා පත් කර ඇති බවයි.
Video Story