රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීමයි – මුදල් රාජ්‍ය අමාත්‍ය

    March, 8, 2018

    රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත,මුදල් පනත යටතේ නියෝගයක් සහ සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් අද (8) පාර්ලිමේන්තුවේ දී විවදයට ගත් අතර විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉන්දියාවේ හා තායිලන්තය ලංකාවට වඩා ශුද්ධ මධ්‍යසාරය භාවිතා වෙනවා. රටේ අධිසැර මධ්‍යසාරය භාවිතය වැඩියි. නීත්‍යානුකූල නොවන, සෞඛ්‍ය හානිකර මධ්‍යසර භාවිතය ඉහළයි. පුද්ගල සෞඛ්‍යයට හානී වෙනවා. සෞඛ්‍ය වියදමත් ඉහළට යමින් පවතිනවා. එය අඩු කිරීමයි අපේ ඉලක්කය. අපේ අරමුණ මධ්‍යසාර භාවිතය අඩුකිරීමයි. අපේ රජය සෑමවිටම පෙනී සිටින්නේ කාන්තා සම අයිතිය ලබාදීමටයි. අද ලෝක කාන්තා දිනයයි. පුද්ගලයකුගේ මතයක් රජයේ මතයකින් පාලනය කළ නොහැකියි. රජයේ අරමුණ මධ්‍යසාර භාවිතය අවම කිරීමයි.

    රජයකට බදු හරහා පමණක් වෙනස් කිරීම් කරන්න නොහැකියි. බදුවලින් වියදම වැඩි කළත් හානිය වෙන්නේ පවුලටයි. මධ්‍යසාර අඩු කිරීම ඒ නිසා අත්‍යවශ්‍යයි. එය සිදු කළ හැක්කේ සමාජය විසින්මයි. වගකීම තිබෙන්නේ සමාජයට හා ආගමික නායකයින්ටයි. රජය ඒ සඳහා දායකත්වය දැක්වීමට සූදානම් බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.