රජයේ ආදායම් ඉහළට. රේගුවේ ප්‍රධානියා ඉල්ලා අස්වේ

    May, 25, 2015

    මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 08 කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා අස්වීම පිළිගත් බවයි.

    ආදායම් රැස්කර ගැනීම පිළිබඳව නව රජය ධනාත්මක ආකල්පයක සිටියත් 2015 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය හිඟය පවත්වා ගැනීමට ලංකාවට ඉතාමත් අසීරු වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා අනතුරු හැඟවීය.

    මූල්‍ය අරමුදල පවසා තිබුණේ නව රජය විසින් 2015 අයවැය මගින් හඳුන්වාදී තිබෙන එක් වරක් (one-off) පමණක් අයකරන බදු අවසන් වීමෙන් පසුව 2016 වසරේදී මෙරට රාජ්‍ය ආදායම පහළ යෑමේ හැකියාවක්ද තිබෙන බවයි.