රජයේ පුරප්පාඩු 16,800කට බඳවා ගැනීම 2012 උපාධීධාරීන්ගෙන් ඇරඹෙයි

    July, 25, 2019

    රැකියා විරහිත උපාධිධාරි අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනට අදාළව එහි පළමු අදියර යටතේ, රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් වශයෙන් උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරින් 5,000ක් ද, එහි දෙවන අදියර යටතේ උපාධිධාරින් 15,000ක් ද බඳවා ගෙන පුහුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මීට පෙර ලැබී ඇත.

    එහෙත් පළමු අදියරේ බඳවාගත් සංඛ්‍යාවෙන් පුරප්පාඩු 1,800ක් ද දෙවන අදියරෙහි 15,000ක් ද වශයෙන් තවමත් පුරප්පාඩුව පවතියි. ඒ අනුව මෙම පුරප්පාඩු 16,800, ප්‍රථමයෙන් 2012 වර්ෂයේ උපාධිධාරින් ද ඉන් අනතුරුව අනුපිළිවෙළින් 2013 සිට 2016 යන වර්ෂවල උපාධිධාරින් ද වශයෙන් අභ්‍යසලාභීන් ලෙස පුහුණුව සඳහා කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරන බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනිම පිණිස ඉදිරිපත් කරන ලදී.