රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පුළුල් කිරීමට පියවර

    February, 15, 2017

    රජයේ සුරැකුම්පත් වෙළඳ පොළ පුළුල් කිරීම, එහි කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීම සහ මිල ගවේෂණය තුළින් රජයට වාසි ලබා ගැනීමේ අරමුණින්, රජයේ සුරැකුම්පත් වෙ‍ළඳ පොළ සඳහා අතිනවීන විද්‍යුත් වෙළඳ පද්ධතියක් සහිත තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පද්ධතියක් ප්‍රසම්පාදනය කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    මෙම ප්‍රසම්පාදනයේ පවතින සංකීර්ණ ස්වභාවය සැලකිල්ට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඒ සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව ද්විත්ත්ව අදියර ලංසු තැබීමේ ක්‍රමය (Two Stage Bidding) යටතේ යෝජනා කැඳවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.