රජයේ සුරැකුම්පත් සඳහා Euroclear හඳුන්වා දෙයි

    February, 22, 2017

    විවිධාංගීකරණය වූ ආයෝජන පදනමක් නිර්මාණය කරමින් විදේශීය ආයෝජකයන් හට රජයේ සුරැකුම්පත් වෙළඳ පොළට සෘජු හා බාධාවකින් තොර ප්‍රවේශයක් සලසාදීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් සඳහා යුරෝ - නිෂ්කාශන (Euroclear) පහසුකම ලබාගැනීමට අවශ්‍ය දේශීය නීතිමය හා නියාමන රාමුවක් ස්ථාපනය කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    රජයේ සුරැකුම්පත් විදේශ ආයෝජකයන් අතර ජනප්‍රිය කරවීමටත්, ගනුදෙනුවල සංකීර්ණත්වය අඩු කිරීමටත්, පිරිවැය අවම කිරීමටත් විවෘත සහ නම්‍යශීලී පහසුකමක් ලෙස යුරෝ - නිෂ්කාශන ක්‍රමය (Euroclear) උපකාරී වන බව රජයේ අදහසයි.

    විදේශීය ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳ පොළ පහසුකම් ඉහළ නැංවීම අවශ්‍ය බව රජය වැඩිදුරටත් කියා සිටී.