රජය මධ්‍යම අධිවේගිය හදන හැටි මෙන්න!

    July, 10, 2015

    මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් හතරකට බෙදා ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය තීන්දු කර ඇතැයි සඳහන් කර තිබේ.

    මේ අනුව, පළමු කොටස චීනයේ එක්සිම් බැංකුවේ ණය මත කඩවත සිට මීරිගම දක්වාත්, දෙවන කොටස ආසියානු සංවර්ධන බැංකුවේ ණය මත මීරිගම සිට කුරුණෑගල දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය පවසයි.

    මීට අමතරව, තෙවන කොටස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ණය මත පොතුහැර සිට මහනුවර දක්වාත්, සිව්වන කොටස දේශීය බැඳුම්කර නිකුතුවක් මගින් රැස්කරන අරමුදල් යොදා ගනිමින් දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් ඉදිකරන බව රජය සඳහන් කරයි.