“රටට සහ ඔබට අතුරු අයවැයේ බලපෑම“ -විශේෂ වාද පිටිය අද රාත්‍රී 10.30 සිට ටී.වී. දෙරණින්

    February, 4, 2015

    ටී.වී. දෙරණ තුළින් අද රාත්‍රී 10.30 සිට විකාශය කිරීමට නියමිත විශේෂ වාද පිටිය වැඩසටහන නව රජයේ අතුරු අයවැය රටට සහ ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බැලීමේ විශ්ලේෂණාත්මක කතා බහක් සඳහා වෙන්කර තිබේ.

    මෙහි විශේෂත්වය වන්නේ ආර්ථික විශ්ලේෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්ට පමණක් අද සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදීමයි.

    අද රාත්‍රී 10.30 ට ආරම්භ වන විශේෂ වාදපිටිය වැඩසටහනට ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය රොහාන් සමරජීව මහතා, පාත්ෆයින්ඩර් පදනමේ විධායක අධ්‍යක්ෂ, ලක්ෂ්මන් සිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ඩබ්ලිව්.ඒ.විජේවර්ධන මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිළධාරී මංගල පී.බී. යාපා මහතා, පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා සහ ආර්ථික විශ්ලේෂක හසිත ප්‍රේමරත්න මහතා සහභාගී වේ.