රටවල් 4 ක් සමඟ ගුවන් සේවා විධිමත් කරයි

    December, 6, 2017

    ටැන්සානියාව, රුවන්ඩාව, අසර්බයිජානය හා පෝලන්තය යන රටවල් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුම්වලට එම එක් එක් රටවල් සමඟ අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එම ගිවිසුම්වල විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.