රත්‍රන් උකස් කිරීමට අදාළ නව නියම ළඟදීම

    April, 23, 2014

    ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල අඩුවීම හමුවේ මෙරට ජනතාව බැංකු හා මූල්‍යායතන වලට රත්‍රන් උකස් කිරීමේදී මේ වනවිට ගෙවනු ලබන මිල අඩුවී තිබේ. මෙයට විසඳුමක් ලෙස රත්‍රන් උකස් කිරීමේදී ජනතාවට උපරිම මිලක් ලබාගැනීමට හැකි නියමයන් හඳුන්වා දීමට මුදල් අමාත්‍යංශය සූදානම් වනබව අනාවරණය වේ.

    අප සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු පැවසුවේ මෙයට අදාළ චක්‍රලේඛය මේ වනවිට සූදානම් කරමින් පවතින බවයි.

    උකස්කරුවාට රත්‍රන් සඳහා උපරිම මිලක් ගෙවීමට නියම කිරීමේදී අදාළ අවධානම් වෙනුවෙන් රජය යම් ඇප වීමක් ලබාදීමට සූදානම් වන බවද අනාවරණය වේ.

    පසුගිය කාලයේදී ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල අඩු වෙද්දී රත්‍රන් ඇපයට තබා වැඩිපුර ණය ලබාදී තිබුණු මෙරට බැංකු දැඩි අවධානමකට මුහුණ දුන්නේය.