රථවාහන ආනයන වියදම 28% කින් පහළට

    August, 1, 2016

    රථවාහන ඇතුළු භාණ්ඩ ආනයන වියදමෙහි වාර්තා වූ අඩු වීම් අනුව 2016 අප්‍රේල් මාසයේ දී ආනයන වියදම 2015 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 1,461 දක්වා 2% කින් අඩු වී තිබේ.

    රථවාහන ආනයනය අඩු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් හි බලපෑම පිළිබිඹු කරමින්, 2016 අප්‍රේල් මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 28.8% කින් අඩු වී ඇත.

    2016 අප්‍රේල් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතවම දත්ත වාර්තා හි මේ බව සඳහන්ව තිබේ.