රථ වාහන ආනයන වියදම සියයට 45 කින් පහළට

    March, 13, 2017

    2016 නොවැම්බර් මාසය තුළ දී ආහාරමය නොවන පාරිභෝගික භාණ්ඩ කාණ්ඩය යටතේ වර්ග කර ඇති පෞද්ගලික රථවාහන ආනයනය අඩුවීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහළ ගොස් තිබේ.

    මෙහිදී 2016 නොවැම්බර් මාසයේ දී වාහන ආනයන වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් දරා තිබෙන මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 64 ක් වන අතර 2015 නොවැම්බර් මාසයේ දී එම අගය දැක්වුණේ ඩොලර් මිලියන 117.6 ක් වශයෙනි. මෙය සියයට 45.6 ක අඩුවීමකි.

    මේ අතර 2016 ජනවාරි -නොවැම්බර් කාලපරිච්ඡේදයේ දී ආනයනය කරන ලද රථ වාහන සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 736.4 ක් වන අතර 2015 වසරේ මුල් මාස 11 දී මෙම අගය වාර්තා වූයේ ඩොලර් මිලියන 1,294 ක් ලෙසිනි. මෙය සියයට 43.1 ක පහළ යාමකි.