රන්මිණිතැන්නේ කොකෝවා ව්‍යාපෘතියකට ඊශ්‍රායලයේ සහායෙන් ශක්‍යතා අධ්‍යයනයක්

    May, 24, 2019

    ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් වන ඊශ්‍රායලයේ බින් සහ සමාගමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ මෝල්ස්ටා කෝප් සමාගමට හම්බන්තොට රන්මිණිතැන්න ප්‍රදේශයේ කොකෝවා සංවර්ධන ව්‍යාපෘතියක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ.

    ඒ සඳහා ලබාගත යුතු අනුමැතීන් ලබාගැනීම යම් යම් ප්‍රායෝගික හේතු මත ප්‍රමාද වූ බැවින් එම ශක්‍යතා අධ්‍යයනයේ කටයුතු මෙතෙක් නිම කිරීමට හැකියාව ලැබී නොමැත.

    එබැවින් මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම සඳහා දී ඇති කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.