රනිල්ගෙන් විමල්ට Currency Swap ගැන පාඩමක්

    January, 10, 2019

    ඉන්දියානු මහ බැංකුවෙන් ලැබෙන ණයට හිලව්වට චයිනා බේ වරායත්, මත්තල ගුවන්තොටුපොළත්, කන්කසන්තුරේ වරායත්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවයට විකිණීමට එකඟ වී ඇති බවට දැනැගනීමට ලැබී ඇති වාර්තා සත්‍යයදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (10) පාර්ලිමේන්තුවේ දී විමසා සිටින ලදී.

    මීට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය.

    “Swap එකකට මොකක්වත් පොරොන්දු වෙන්න වැඩක් නැහැ. මේ swap එක තියෙන්නේ, SAARC currency swap එක යටතේ. සාක් රටවල් අතර ඔබතුමන්ලා අත්සන් කරපු ගිවිසුම. එතන කියන්නේ නැහැ, කාටවත් ඕක බදු දෙන්න ඕනේ, කාටවත් ඕක උකස් කරන්න ඕනේ කියලා. ඒ මුකුත් කරලා නැහැ“.

    “චීන වරාය අපි එක්ක. හම්බන්තොට වරාය සමාගමට තියෙනවා, අපෙත් කොටස් තියෙනවා. කොළඹ වරාය අපි එක්ක. අපි ඉන්දියාවට මුකුත් උකස් කරලා තියෙන්නේ නැහැ. මුළු දකුණු ආසියාවේ රටවල් එකඟ වුණු ගිවිසුමක් යටතේ තියෙන්නේ. දැන් මිලියන 400 ක් හම්බුවුණාම, ඒකට ඊර්ෂ්‍යා කරනවා“, යැයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.