රනෙල් ටී. විජේසිංහ සුරැකුම්පත් කොමිසමේ සභාපති තනතුරට

    May, 25, 2018

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ලෙස රනිල් තිස්ස විජේසිංහ මහතා ඊයේ (24) දින පත් කරන ලදී.

    එම කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස පහත නිලධාරීන් ද පත් කරනු ලැබ සිටී.

    චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර මහතා
    ජයන්ත ප්‍රනාන්දු මහතා
    අර්ජුන හේරත් මහතා
    රජීව් අමරසූරිය මහතා සහ
    මංජුල හිරන්‍ය ද සිල්වා මහතා