October, 12, 2022
ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය හේතුවෙන් දේශීය රබර් වගාකරුවා දැඩි පීඩාවට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2022 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් අතිරික්තව ආනයනය කර ඇති රබර් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 20,000ක් බවයි. මෙම තත්ත්වය නියාමනය කිරීමට අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
2017 වසරේ සිට මෙලෙස විශාල වශයෙන් අවශ්‍යතාව ඉක්මවා රබර් ආනයනය කර ඇති බවට සංඛ්‍යා ලේඛන අනුව සනාථ වෙයි. එම වසරේ දී දේශීය රබර් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 83,070ක් ලෙස දැක්වෙන අතර සමස්ත අවශ්‍යතාව වූයේ මෙට්‍රික් ටොන් 128,142යි. ඒ අනුව ආනයනය කිරීමට අවශ්‍ය රබර් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 45,072 වුව ද ආනයනය කර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 61,802කි.
2018 වසරේ දී ද මෙට්‍රික් ටොන් 65,759ක් ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය කර ඇත. 2019 වසරේ දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000ක ඉක්මවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2020 වසරේ දී ද මෙට්‍රික් ටොන් 48,628ක අවශ්‍යතාව ඉක්මවා ආනයනය කර ඇත. 2021 වසරේ දී එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 72,000ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ.
Video Story