• Ada Derana BIZ Sinhala
  • Raigam
  • sri lanka
  • Wayama Salters

රයිගම් වයඹ සෝල්ටන්ස් ඉහළම වර්ධනය සහ ව්‍යාපාරික නව මානයන් 2021/2022 දී වාර්තාකරයි

September, 22, 2022

2010 වර්ෂයේදී කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරන ලද රයිගම් වයඹ සෝල්ටන්ස් පී. එල්. සී., ශ‍්‍රී ලංකාවේ අගය එකතුකළ ලූණු වෙළඳපොලේ ප‍්‍රමුඛතම ක‍්‍රියාකාරීකයා වන අතර ඉසි, රුචි, වෙල්කම්, ටි‍්‍රපල් වොෂ් ඇතුළු සන්නාම ගණනාවක් යටතේ විවිධ ලූණු නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත සපයන අතර කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා සඳහා විවිධ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන තොග වශයෙන් සැපයීම ද සිදුකරයි.

රයිගම් වයඹ සෝල්ටන්ස්හි පාරිභෝගික නිෂ්පාදනවල ඉහල ගුණත්වය සහතික කරමින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති සහතික (SLS) ලබා ඇති අතර ආයතනයේ පෙරසැරි සඳහා ISO ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණ සහතික ලැබී ඇත.

රයිගම් වයඹ සෝල්ටන්ස් සතු ලූණු ලේවායන්, පිරිපහදු සහ කර්මාන්තශාලා, පුත්තලම සහ හම්බන්තොට ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන අතර රයිගම් සමාගම් සමූහයේ මව් සමාගමට අයත් ත‍්‍රිකුණාමලය කුච්චවේලීහි පිහිටි අක්කර 1800 කින් යුත් ලූණු ලේවාය මගින් අවශ්‍ය අමතර යෙදවුම් (කර්මාන්ත ලූණු) සැපයීම තහවුරු කර ඇත. තවද පුත්තලමේ පිහිටි පුත්තලම් සෝල්ට් ලිමිටඞ් (ජාතික ලූණු සංස්ථාවේ අනුප‍්‍රාප්තිකයෙකි) සමාගමද රයිගම් සමුහයේ ආශ‍්‍රිත සමාගමකි.
රටම දන්නා ”රයිගම්” වෙළඳ සන්නාමය සහ දිවයින පුරා විහිදුනු ශක්තිමත් බෙදාහැරීමේ ජාලය රයිගම් සමාගම් සමූහයේ ප‍්‍රගතිය සඳහා දායක වන ප‍්‍රධාන සාධකයන් වේ. රයිගම් බොදාහැරීමේ ජාලය නවීන තොරතුරු තාක්‍ෂණයෙන් සන්නද්ධකර ඇත. ඊට අමතරව සුපිරි වෙළඳසැල් (Modern Trade) කර්මාන්ත හා බේකරි අංශද ආවරණය වන පරිදි බෙදාහැරීම් කටයුතු සිදුවේ.

2021/2022 මූල්‍ය ප‍්‍රතිඵල

කොවිඞ් වසංගතය හමුවේ දැඩි පසුබෑමකට ලක්වතිබූ දේශීය ආර්ථිකය 2021/2022 මූල්‍ය වර්ෂය අවසාන වන විට විදේශ විනිමය අර්බුධයේ ආරම්භක අවධියට පාතබමින් පැවතිනි. සමස්ථයක් වශයෙන් 2021/2022 මූල්‍ය වර්ෂය අභියෝග ගහන වසරක් වූවද රයිගම් වයඹ සෝල්ටන්ස් පි. එල්. සී. විසින් අනුගමනය කළ විචක්‍ෂණශීලී කළමණාකරණ ක‍්‍රමවේදයන් ඔස්සේ ඉහල ආර්ථික වර්ධනයක් ලඟා කරගැනීමට සමත්විය. විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 959.6 ක් වූ සමූහයේ පිරිවැටුම රුපියල් මිලියන 1,147 දක්වා 19.5% කින් වර්ධනය කර ගැනීමට සමත්වූ අතර, එය සමුහයේ මෙතෙක් වාර්තා කළ ඉහලම වාර්ෂික පිරිවැටුමයි. එමෙන්ම සමුහයේ බදු ගෙවූ පසු ලාභය (Profit after tax) රුපියල් මිලියන 149.7 සිට රුපියල් මිලියන 215.6 දක්වා වර්ධනය වූ අතර එය 44% ක වාර්ෂික වර්ධනයකි.

මෙම සාර්ථක මූල්‍ය ප‍්‍රතිඵල මත සමාගමේ කොටසක ඉපැයීම්සැ (Earnings Per Share) ලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් 0.53 සිට රුපියල් 0.76 දක්වා වර්ධනය වූ අතර එමගින් කොටස් හිමියන්ගේ ආයෝජනයේ වටිනාකම ද ඉහළ නංවමින් එක් කොටසක් සඳහා වන ශුද්ධ වත්කම් (Net Asset Per Share) රු.05.06 සිටි රු.5.74 දක්වා වර්ධනය විය.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල නිසි පරිදි කාර්තුමය පදනමකින් ප‍්‍රසිද්ධියට පත්කළ අතර ඒ අනුව කොටස් වෙළඳපොලේ යහපත් ප‍්‍රතිචාර දක්වමින් සමාගමේ කොටස් සඳහා සැලකිය යුතු ඉහල මිලක් වාර්තා විය.

සමාගම ක‍්‍රියාත්මක වන ලූණු කර්මාන්තය ගත් විට ඇසුරුම් හා වෙනත් කාර්මික යෙදවුම් හැරුණු කොට අනෙකුත් සියලූම යෙදවුම් දේශීය වශයෙන් සපයා ගන්නා බැවින් විදේශ විනිමය අර්බුධයේ බලපෑම සාපේක්‍ෂ වශයෙන් අඩු මට්ටමක පවතී. සමාලෝචිත වර්ෂය තුළ නිෂ්පාදන ක‍්‍රියවලිය මගින් එකතු කළ වටිනාකම (Value Addition) රුපියල් මිලියන 669.2 කි. ඉන් රු.129.3 කින් රජයේ බදු ආදායමට දායක වී ඇත.

මෙම සතුටුදායක තත්ත්වයන් සහ කොටස් හිමියන්ගේ අපේක්‍ෂාවන් සැලකිල්ලට ගනිමින් 2021/2022 මූල්‍ය වර්ෂය සඳහා කොටසකට සත 15 බැගින් වූ ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යෝජනාකර ඇත. පසුගිය වර්ෂයේ ගෙවූ ලාභාංශයට සාපේක්‍ෂව මෙය 50% ක වර්ධනයකි.

මෙම ඉහළ මූල්‍ය ප‍්‍රථිපල ලඟාකරගනිමින් කොටස් හිමියන්ගේ ආයෝජනයට ඉහල වටිනාකමක් ලබාදීමට හැකිවීම මෙන්ම අත්‍යාවශ්‍ය මොහොතක ශක්තිමත් දේශීය කර්මාන්තයක් වෙමින් ජාතික ආර්ථිකයට ශක්තියක් වීමට හැකිවීම පිළිබඳව අධ්‍යක්‍ෂක මණ්ඩලය ඉතා සතුටට පත්ව සිටී.

"රයිගම් වයඹ” ණැනපෝෂ සමග කෘෂි-සැකසුම් ක්‍ෂේත‍්‍රයට පිවිසෙයි.

රයිගම් සමූහයේ මූලික ප‍්‍රතිපත්තිය තම ඉපයීම් වඩාත් ඵලදායී නව ව්‍යාපෘතීන් හි ආයෝජනය කරමින් තම ව්‍යාපාර ජාලය පුළුල් කිරීම සහ ශක්තිමත් ජාතික ව්‍යවසායක් ලෙස ස්ථාපිත වීමයි. ඒ අනුව යමින් සමාගම සතු අතිරික්ත සංචිත ජාතික වශයෙන් ඉතා ඵලදායී මෙහෙවරක් සඳහා ආයේජනය කරමින් කෘෂි සැකසුම් ක්‍ෂේත‍්‍රයට ද පිවිසි බව ඉතා ආඩම්බරයෙන් නිවේදනය කර සිටී.

ඒ සඳහා 2021/2022 මූල්‍ය වර්ෂයේ දී රයිගම් වයඹ සීරියල්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් නමින් නව උප සමාගමක් ස්ථාපනය කල අතර ඒ යටතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ වැල්ලව ප‍්‍රදේශයේ විශාල ප‍්‍රමාණයේ ධාන්‍ය ගබඩාවක් සහ ධාන්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ තෝරාගත් ධාන්‍ය වර්ග වගාකිරීම සඳහා ගොවි ජනතාව දිරිගන්වන අතර එම නිෂ්පාදන නවීන තාක්‍ෂණය ඔස්සේ පෙරසැරි කොට වටිනාකම් එකතු කිරීමේ ක‍්‍රියාවලියක් සිදුවේ. අපේ රටේ වැදගත්ම අංශය වූ කෘෂිකර්මාන්තය සමග සහසම්බන්ධවීමට ලැබීම රයිගම් වයඹ සමූහයේ ජයග‍්‍රහනයක් ලෙස සැලකේ.

මෙම ව්‍යාපෘතිය යටතේ හඳුන්වාදෙන ප‍්‍රථම නිෂ්පාදනය ”ණැනපෝෂ” නමින් වෙළඳ පොලට හඳුන්වාදීම අද දිනයේදී සිදුවේ. ණැන පෝෂ - බඩ ඉරි`ගු, සෝයා, සහල්, මුංඇට යන ධන්‍ය වල සුසංයෝගයක් වන අතර නවීන යන්ත‍්‍රානුසාරයෙන් ධාන්‍ය පිරිසිඳුකර, අඹරා පිසගැනීමෙන් අනතුරුව පෝෂණ ගුණය නැංවීම සඳහා අතිරේක විටමින් පධාර්තයන්ද එකතුකර, ධාන්‍යමය ආහාරයක් ලෙස වෙළඳ පොළට නිකුත් කෙරේ. මේ අනුව අපේ රෙට් නිපදවෙන ධාන්‍ය වල අඩංගු ස්වභාවික පෝෂණ ගුණයට තවදුරටත් මුසු කරන විටමින් A, B 1" B 12" C, D3 සහ ඛණිජ පධාර්තයන් එහි පෝෂණ ගුණය සමතුලිත කරයි. එමෙන්ම වර්ණක රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ.

මේ සඳහා භාවිතා කරන්නේ 100% ක්ම දේශීයව සපයාගත් ධාන්‍ය වන අතර, එය කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඔනෑම වයස් පරාසයක අයෙකුට අතිරේක පෝෂණය ලබාදෙන ප‍්‍රණීත ආහාරයකි. එය අග්ගලා වශයෙන්ද, කිරි සමග මිශ‍්‍රකිරීම මගින් පිළියෙල කරගත් ද්‍රවමය ආහාරයක් වශයෙන් මෙන්ම රොටි, වඬේ සහ පිට්ටු වැනි ආහාර වශයෙන් ද සකස්කර භාවිතා කිරීමට හැකිය. රයිගම් ණැන පෝෂ ඉතා විශ්වාසයන්ත දේශීය ආහාරයකි.

මේ අනුව මෙතෙක් කාලයක් එකම පාරිභෝගික අවශ්‍යතාවයක් එනම් ලූණු නිෂ්පාදනය මත පමණක් ක‍්‍රියාත්මක වූ රයිගම් වයඹ සමාගම් සමූහය තම ව්‍යාපාරික වපසරිය පුළුල් කරමින් කෘෂිකාර්මික පෙරසැරි ක්‍ෂේත‍්‍රයට ද පිවිසීම, කොටස් වෙළඳපොලට සහ ආයෝජකයන්ට ඉතා වැදගත් ප‍්‍රවෘත්තියක් වනු ඇත.

රයිගම් වයඹ - ගොවිජනතාව අතරට

මෙම නව ව්‍යාපෘතිය හුදෙක් කාර්මික පෙරසැරියකට සීමා නොකර, ඒ සඳහා අවශ්‍ය ධාන්‍ය නිසි ප‍්‍රමාණයන්ගෙන් හා ගුණත්වයෙන් යුතුව සපයා ගැනීම තහවුරු කිරීම සඳහා රජරට ගොවිජනතාව සමග එක්ව ඉදිරි ගිවිසුම් ක‍්‍රියාවලියක් ඔස්සේ වගා ව්‍යාපෘතියක් සඳහා ද එක්වී ඇත. මෙම ව්‍යාපෘතියය ටතේ මෙවර අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මහවැලි H  කළාපයේ සහ ගලෙන්බිඳුනුවැව ප‍්‍රදේශයේ ගොවි පවුල් 1250 ක් සම්බන්ධ කරගනිමින් හෙක්ටයාර 500 ක පමණ සෝයා බෝංචි වගාකර ඇත. ඒ සඳහා අවශ්‍ය බීජ, පොහොර, කෘෂි රසයාන ඇතළු යෙදවුම් ණය පදනමට සමාගම විසින් ලබාදුන් අතර තාක්‍ෂණික උපදෙස්ද ඒ සඳහා පුහුණු කළ ක්‍ෂේත‍්‍ර නිළධාරීන් පිරිසක් මගින්් ලබාදෙයි. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ගොවිමහතුන් සඳහා සහතික කළ අවම මිලක් ලබාදීම හා පවතින වෙළඳපොල මිලට සමගාමීව සම්පූර්ණ අස්වැන්න මිලදී ගැනීමේ සහතිකය සමාගම විසින් ලබාදීමයි. මේ යටතේ සමාගම සමග එකතුවන ගොවිජනතාවගේ අස්වනු ගොවිබිම් වලදීම මිලදී ගැනීම සිදුවන බැවින් පසු අස්වනු ප‍්‍රවාහන සහ ගබඩාකිරීමේ වියදම්වලින්ද ගොවිජනතාව නිදහස් වේ.

මේ ඔස්සේ සෝයා බෝංචි වගාව සඳහා ඉහල ප‍්‍රවනතාවයක් ගොවිජනතාව විසින් පෙන්නුම්කරන අතර, ඍජුවම ගොවි ජනතාවගෙන් අස්වනු මීලදී ගැනීම නිසා අතරමැදියන්ගේ සූරාකෑමද වැලකී ඇත. මේ සමග සෝයා වගාකරුවන්ගේ අතමිට සරුවී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමතර වෙනත් ධාන්‍ය වර්ග වන වී, බඩ ඉරි`ගු සහ මුං ඇටද ඍජුවම ගොවි බිම්වලින් මිලදී ගන්නා අතර එමගින් උසස් තත්ත්වයේ නැවුම් අස්වනු මිලදී ගැනීමට සහ ගොවි මහතුන් සඳහා ඉහල මිලක් ලබාදීමට ද හැකිවී ඇත.

මහවැලි හා හරු`ඵවැව ඇතු`ඵ වෙනත් වාරි ජල ව්‍යාපෘතීන්ගෙන් පෝෂණය වූ අපේ රජරට සාරවත් පොළව අගනා ආර්ථික බෝගයන්ගෙන් සරසන්නට ද මෙතෙක් කලක් මූලික නිෂ්පාදනයන්ට සීමා වී තිබූ අපේ කෘෂිකාර්මික අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදන දක්වා ඔසවා තබන්නටද හැකවීම රයිගම් වයඹ සමාගම් සමුහයට ආඩම්බරයකි.
අපේ මහපොළවට හා ඒ මහපොළව සමග ගැටෙන ගොවිමහතුන්ට සාධාරණයක් ඉටු කිරීමට දායකවීමට ලැබීම අපේ ආයෝජකයන්ද නියතවශයෙන් අගය කරනු ඇත.