රවී ගේ චෝදනාවලට මහ බැංකු අධිපතිගෙන් පිළිතුරක්

    June, 28, 2018

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පසුගිය කාලය තුළ දිගින් දිගටම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ට එරෙහිව මාධ්‍ය මගින් එල්ල කර තිබුණු චෝදනා සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශයක්  කර ඇත. පහත දැක්වෙන්නේ එම ප්‍රකාශයයි.

     

    “පසුගිය දිනවල දිගින් දිගට ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්ධ ව, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නගා තිබිණි.“

    “මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත. විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන්  කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂී දායකත්වයක් සිදු කළ නිලධාරියෙකි.“

    “හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි. “