රාගම මෙල්ස්ටා රෝහලේ කාර්ය මණ්ඩලය සහ පළමු පෙළ ආශ‍්‍රිතයින් ආසාධිත නොවන බවට PCR පරීක්ෂණවලින් තහවුරු වෙයි

    July, 16, 2020

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශනය යටතේ රෝහලේ වැඩකටයුතු ඉදිරියට

    පසුගියදා රාගම මෙල්ස්ටා රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් හට කොවිඞ් 19 ආසාධිත බව තහවුරු වීමෙන් අනතුරුව එම රෝගියාගේ පළමු පෙළ ආශ‍්‍රිතයින් වශයෙන් හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් සියළු දෙනාම PCR පරීක්ෂණවලට භාජනය කෙරුණු අතර එහි ප‍්‍රථිඵල අනුව ඔවුන් ආසාධිතයින් නොවන බවට වාර්තා වී ඇත. රාගම මෙල්ස්ටා රෝහල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිවිධාන සහ උපදේශනය අනුව සියළු ආරක්ෂණ ක‍්‍රියාමාර්ග ගෙන ඇති නිසා මේ නවතම තත්ත්වය සළකා බලා රෝහලේ වැඩකටයුතු සාමාන්‍ය පරිද්දෙන් ඉදිරියට කරගෙන යාමට රාගම මෙල්ස්ටා රෝහලට අනුමැතිය හිමි වී ඇත.

    එමෙන්ම රෝහල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සහ උපදේශනයට අනුකූලව මුළු රෝහල් පරිශ‍්‍රයම විෂබීජහරණයට සහ පිරිසිදු කිරීමට ලක් කර ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය ඉරෙයිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ “PCR පරීක්ෂණයට භාජනය වූ අපේ කාර්යමණ්ඩල සාමාජිකයින් සියළු දෙනා ආසාධිතයින් නොවන බවට තහවුරු වීම පිළිබඳව අපි ජනතාවට දැනුම් දෙන්නේ ඉතා සතුටින්. අපට ඉතා අභියෝගාත්මක වූ අවස්ථාවක නොපැකිළිව සහය දුන් සහ දිරිමත් කළ ආයතන සහ මහජනතාව මෙහිදී ආදරයෙන් සිහිපත් කරනවා. නැවතත් සාමාන්‍ය පරිදි මෙහෙයුම් ආරම්භ කරන මේ අවස්ථාවේදී අපේ සේවාලාභීන්, පාරිභෝගිකයින්, වෛද්‍යවරුන්, සැපයුම්කරුවන් සහ මහජනතාව ඇතුළුව සියළුම පාර්ශවකරුවන් වෙත දැනුම් දී සිටින්නේ ඉදිරියේදීත් ඔබේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස කැපවෙන බවයි”

    රාගම මෙල්ස්ටා රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශනය සහ අනුමැතිය ඇතිව මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වා ගෙන යත අතරම අදාළ රාජ්‍ය ආයතනය සමඟ සමීපව කටයුතු කරනු ඇත.