රාජගිරිය මංසන්ධියට මංතීරු හතරක ගුවන් පාලමක්

    July, 16, 2015

    මාර්ග තදබදය අවම කිරීමේ අරමුණෙන් රාජගිරිය මංසන්ධියේ මංතීරු හතරකින් යුතු වානේ ගුවන් පාලමක් ඉදිකිරීමට රජය සූදානම් වේ.

    මීටඅමතරව, ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් මංතීරු දෙකකින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමටද රජය තීරණය කර තිබේ.

    මෙම ව්‍යාපෘති සඳහා ස්පාඤ්ඤ රජයෙන් සහ ස්පාඤ්ඤයේ BBVA බැංකුවෙන් අරමුදල් ලබාගැනීම සඳහා ගිවිසුම් වලට එළඹීමට නියමිතය.