රාජගිරිය සිට අතුරුගිරිය දක්වා Elevated Highway ශක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 98 ක්

    February, 28, 2018

    බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය යන ප්‍රදේශවලට සහ පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විත කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා‍ දෙනු ලැබ තිබේ.

    මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදි කිරීම සඳහා‍ වන ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 98.73ක මුදලකට M/s Resource Development Consultants (Pvt.) Ltd. සහ M/s SMEC International Pty වෙත පිරිනැමීම පිණිස හිටපු උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් කර තිබූ යෝජනාව, ඒ සඳහා එම විෂය භාර වත්මන් අමාත්‍ය කබිර් හෂිම් ගේ එකඟතාවද සැලකිල්ලට ගනිමින්, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.