රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 25 ක් 

    October, 17, 2019

    ඉ-රාජ්‍ය ප්‍රසම්පාදන පද්ධතිය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතිය හා සුරාබදු ආදායම් කළමනාකරණ පද්ධතිය ප්‍රමුඛ තොරතුරු පද්ධතීන් ලෙස හඳුන්වා දෙමින්, මධ්‍යම රජයේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා රජය, ලෝක බැංකුව සහ යුරෝපීය සංගමය විසින් සාමූහිකව රාජ්‍ය ආංශික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් වාසිදායක කොන්දේසි කිහිපයක් සහිත ඇමරිකානු ඩොලර් මිලියන 25.0ක ණය මුදලක්, ණය මුදලේ මූල්‍ය බලපෑම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ද අදහස් විමසා, ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව වෙතින් ලබාගැනීම පිණිස, එකී බැංකුව සමග මූල්‍ය ගිවිසුමකට එළඹිය හැකි වන පරිදි මුදල් අමාත්‍යාංශය වෙත බලය පැවරීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.