රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ට වරලත් ගණකාධිකාරීන්ගේ උපහාරය

    September, 21, 2020

    රටේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකය කළමනාකරණ කරගත හැකි අන්දම තමාගේ කෘතිය වන  The Mother of All Cover Ups— the Bond Scam Cover Up  සිංහලෙන් එළිදැක්වීම මෙහෙයවන සාකච්ඡාවක දී මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් මෑතකදී පහදා දෙන ලදී.

    ඔහු මෙම අවස්ථාවේදී වරලත් ගණකාධිකාරීන්ගේ සංගමයේ සභාපති සහ දකුණු ආසියාතික වෘත්තීයමය ගණකාධිකාරී සංසදයේ හිටපු සභාපති  (Past President South Asian Federation of Accountants SAFA & PP CA) සහ ඔහු සමඟ පැමිණි වෙනත් වෘත්තීයමය ගණකාධිකාරීන් අමතමින් මෙම කරුණු පහදා දීමට යෙදුනි.

    කබ්රාල් මහතා විසින්  ICA  හා  South Asian Federation of Accountants  යන සංගම්වල සභාපතිත්වය හොබවන ලදී.

    තමා මහබැංකු අධිපති සමයේදී රුපියල ශක්තිමත් වූ බව ද පොලී අනුපාතය ධනාත්මක වූ බව ද වෙනත් දර්ශකයන් ඉතාමත්ම සුබදායී වූ බව ද ආර්ථික විශ්ලේෂකයින්  පෙන්වා දෙන බව ඔහු කියා මෙහිදී ඔහු අවධාරණය කළේය.

    තමා විසින් රචිත ග්‍රන්ථයේ සිංහල අනුවාදයක් ළඟදී එළිදැක්වීමට එතුමා බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    සෑම තරාතිරකම නන් අයුරින් බැඳුම්කර වංචාවට සම්බන්ධ වූ සියලු දෙනාම නීතියේ රැහැනට හසු කර ගතයුතු බවත් එම වංචාව නිසා රජයට පාඩු වූ සියලු මුදල් ඔවුන්ගෙන් අය කර ගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.

    කබ්රාල් මහතා   “ CA Sri Lanka”  South Asian Federation of Accountants (SAFA)  හි හිටපු සභාපතිවරයෙක් ද  Confederation of Asia Pacific Accountants (CAPA)” International Federation of Accountants (IFAC) and The Organization of Professional Associations (OPA) සංගම් වල සාමාජිකයෙක් ද වන්නේය. රාජ්‍ය හා පෞද්ගලික කළමනාකරණ අංශ වල පාලන තන්ත්‍රයෙහි ධනාත්මක විපර්යාස කිහිපයකටම කබ්රාල් මහතාගේ දායකත්වය සෘජුව ලැබී තිබේ.

    CA Sri Lanka  ආයතනය ජාතික විගනණ විද්වතුන්ගේ පෙරටුගාමී සංගමය වන්නේය. එම සංගමයේ සාමාජිකයන් ගේ වෘත්තීමය නිපුණතාවයන් වැඩි දියුණු කරගන්නා අතරම ඔවුන් විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශයට වැඩදායි මෙහෙවරක් ඉටු කරන ලෙසට මෙම සංගමය වගබලා ගනිති. එම නිසා මෙම සංගමය වෘත්තිමය උන්නතියට පමණක් නොව පෞද්ගලික හා පොදු හා රාජ්‍ය අංශයන්ගේ උන්නතිය සඳහා ක්‍රියාකාර වන අතර ජාතික ආර්ථිකය නගා සිටුවීමට මහඟු මෙහෙවරක් ඉටු කරයි.

    ඡායාරූපය - වමේ සිට වෘත්තීය ගණකාධිකරණ සමාගමේ දිනේෂ් ධර්මදාස මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරීන්ගේ සංගමයේ සභාපති මනිල් ජයසිංහ  මහතා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,   ගණකාධීකාරීවරුන් සඳහා වූ දකුණු ආසියානු සම්මේලනයේ සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා