February, 5, 2020
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) බාහිර පාර්ශවයන් සමග පවත්වන සබඳතා සහ සාකච්ජා පිළිබද තොරතුරු මෙන්ම එම තීන්දු තීරණ ජනතාවට දැන ගැනීම සදහා ප්‍රසිද්ධ කිරීමට තිරණය කර ඇත.
මහජනතාවට වගකියන විශ්වාසනීය ආයතනයක් ලෙස සිය කටයුතු විනිවිද භාවයෙන් යුතුව පවත්වා ගෙන යෑමේ ආදර්ශයක් වශයෙන් සලකා නියෝජිතායතනය මෙම පියවර ගෙන ඇත.
සභාපති ජයන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා මෙම තීරණය ගන්නා ලදී. විවෘත හා විනිවිද භාවයෙන් කටයුතු කිරීමේ රාජ්‍යමය ක්‍රියාවලියට ආදර්ශයක් ලෙස ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙය ක්‍රියාවට නැංවේ.
මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය බාහිර පාර්ශවකරුවන්, සැපයුම්කරුවන් ස්වේච්ඡා ක්‍රියාකාරී සහයෝගය දක්වන්නන් ඇතුළු ඕනෑම පාර්ශවයක් සමග පවත්වන සාකච්ඡා අනුගමනීය ක්‍රියාමාර්ග හා පසු විපරම් පිලිඹද තොරතුරු ජනතාවට දැනගැනීමට හැකි වනු ඇත.
ඒ සඳහා https://github.com/ICTASL/open-meetings වෙත පිවිසිය යුතු වේ. සියළුම විමසීම් request@icta.lk වෙත යොමුකල හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන දැනුම් දෙයි.
රජයේ සියළු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයටය.
Video Story