2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 44(3) වගන්තියට අනුව, ප්‍රධාන ගණන්දීමේ නිලධරයන් සහ ගණන්දීමේ නිලධරයන් විසින් සපයනු ලබන තොරතුරු මත පදනම්ව, රාජ්‍ය ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව කඩිනම් ක්‍රමෝපායික තීරණ ගැනීම, සැලසුම් කිරීම, සම්පත් විභජනය කිරීම, අයවැයකරණය, මූල්‍යකරණය සහ අධීක්ෂණය සඳහා වගකිව යුතු අස්ථිත්ව ප්‍රධානින් එකොළොස්දෙනෙකුට (11) නොවැඩි සාමාජිකයින්ගෙන් සමන්විත වන කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ යුතු වේ.
පසුගිය දශකය තුළ රාජ්‍ය ප්‍රාග්ධන ආයෝජනයෙන් අපේක්ෂිත ප්‍රතිඵල හා දරනු ලැබ ඇති පිරිවැයට සරිලන ප්රතිලාභ නොලැබීම මත ඉලක්කගත සංවර්ධනයක් කරා ගමන් කිරීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය වී තිබේ.
එබැවින්, සංවර්ධන ව්‍යාපෘති/වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී බලපානු ලබන විවිධ ගැටලු මඟහරවා ගැනීමටත්, ව්‍යාපෘති කළමනාකරණයට හා අධීක්ෂණයට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීමටත් හැකිවනු පිණිස ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත “රාජ්‍ය ආයෝජන අධීක්ෂණ හා ඇගයීම් කමිටුව” ස්ථාපිත කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.