කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට අද සතුටු දවසක්

    February, 16, 2026

    කලකට පසු ආයෝජකයින්ට අස්වැසිල්ලක් ලබා දෙමින් අද (16) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් දැක ගත හැකි විය.

    එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,900.11 ක් දක්වා ඒකක 190.27කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 6,710.33ක් දක්වා ඒකක 91.60කින් ඉහළ යන ලදී.

    ප්‍රධාන වශයෙන් බැංකු සමාගම්වල කොටස් මිල ගණන් අද දින සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වුණි. එහිදී HNB, සම්පත්, කොමර්ෂල් හා NDB යන බැංකු කොටස් ගනුදෙනු හරහා සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

    රු. බිලියන 5.63ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.