රාජ්‍ය ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා වගකීම් කළමනාකරණයට පියවර

    June, 22, 2017

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය මට්ටම මේ වන විට රුපියල් බිලියන 9,387ක් වන අතර එය 2016 වර්ෂයේ රාජ්‍ය ආදායමෙන් 76%ක් පමණ ප්‍රතිශතයක් වීම හේතුවෙන් රාජ්‍ය ණය තිරසර මට්ටමකින් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික මට්ටමින් අවධානය යොමු වී තිබේ.

     

    ශ්‍රී ලංකා රජය විසින් මීට පෙර කිසිදු අවස්ථාවක ණය ආපසු ගෙවීම පැහැර හැර නොමැති වුවත් ඒ පිළිබඳ ඇති විය හැකි ඕනෑම අවදානමක් වළක්වා ගැනීම සඳහා යෝග්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ.

     

    ඒ අනුව සක්‍රීය රාජ්‍ය ණය කළමනාකරණය සඳහා උපායමාර්ගයක් ලෙස වගකීම් කළමනාකරණය යොදා ගැනීම සඳහා පනතක් කෙටුම්පත් කරන ලෙසට නීතිකෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, අදාළ ව්‍යාවස්ථාපිත විධිවිධාන අනුව වගකීම් කළමනාකරණය සඳහා අවශ්‍ය අනෙකුත් පියවර ගැනීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.න ලදී.