රාජ්‍ය බැංකු 4 ක ඒකාබද්ධ කිරීම් කඩිනම් කෙරේ

    July, 16, 2018

    ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමඟත්, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමගත් ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට, 2017 රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු කාර්යසාධන වාර්තාවෙහි නිර්දේශ වශයෙන් ප්‍රකාශ වී ඇත.

    මේ අතර ගනුදෙනුකරුවන් අතර ඩිජිටල් බැංකුකරණය ප්‍රචලිත කිරීමට ද නිර්දේශ කර තිබේ.

    ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණය කළඹ රාජ්‍ය ව්‍යවසායයන් සඳහා ලබා දුන් ණය මත වැඩි වශයෙන් රඳා පවතින හෙයින්, ආර්ථිකයේ දියුණුවන නව ක්ෂේත්‍රවලට ණය පහසුකම් සැලසීමේ සහ නිමැවුම් කළඹ විවිධාංගීකරණය කිරීමේ හැකියාව ඇති බවත් ණයවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සහ ණය අය කිරීමේ ක්‍රියාදාමය පුළුල් කිරීමට ද මෙහිදී නිර්දේශ වශයෙන්යේ දක්වා ඇත.

    තවද මධ්‍ය කාලීනව කාර්යසාධනය වැඩි දියුණු කිරීම සඳහා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව තුළ ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට ද යෝජනා වී තිබේ.