රැකියාවට රට යන පිරිමි පහළට – ගැහැණු ඉහළට

    August, 20, 2019

    2018 වසරේ දී රැකියාවන් සඳහා විදේශගත වී ඇති මුළු සංඛ්‍යාව 211,459ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2017 වසරේ දී විදෙස් ගත මුළු ශ්‍රමිකයින් සංඛ්‍යාව වූ 211,992 හා සැසඳීමේ දී ඉතා සුළු පහළ යාමකි.

    2018 සංඛ්‍යාවෙන් 129,774ක් පිරිමි පුද්ගලයින් වන අතර 81,685ක් කාන්තාවන් වේ. කෙසේ වෙතත් 2017 වසරේ දී රැකියා සඳහා විදෙස්ගත වී ඇති මුළු පිරිමි ප්‍රමාණය සටහන් වන්නේ 139,268ක් වශයෙනි. තවද 2017 වසරේ දී රට රැකියා සඳහා ගොස් ඇති කාන්තාවන් ප්‍රමාණය 72,724ක් ලෙසින් වාර්තා වේ.

    මේ අනුව 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ දී රැකියා සඳහා විදෙස් ගත වූ පිරිමි පුද්ගලයින්ගේ පහළ යාමක් සහ කාන්තාවන්ගේ ඉහළ යාමක් දැකිය හැකිය.

    මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2018 වසරේ දී දෛනික විදෙස් ගත වූ ශ්‍රමිකයින්ගේ සාමාන්‍ය 579 ක් බවයි.