July, 10, 2017
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 20.74 කින් ඉහළ ගොස් ඒකක 6,758.24 ක් ලෙසින් සටහන් විය. පසුගිය දිනවලට සාපේක්ෂව අද දින පිරිවැටුම පහළ අගයයක් ගත් අතර එහි වටිනාකම දැක්වුණේ රුපියල් මිලියන 427.86 ක් ලෙසිනි.
දිනය තුළ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 300 ක්වූ අතර විදේශීය මිල දී ගැනීම් සටහන් වූයේ රුපියල් මිලියන 127.45 ක් වශයෙනි. මේ අතර දේශීය විකිණුම් හා විදේශීය විකිණුම් පිළිවෙලින් රුපියල් මිලියන 401.5 හා 26.35 ක් ලෙසින් විය.
අද දින කිසිදු ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් වාර්තා නොවූ අතර මුළු පිරිවැටුමම වෙළෙඳපොළ සාමාන්‍ය ගනුදෙනු තුළින් සමන්විත විය. පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දෙන ලද සමාගම වූයේ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී ය. එය රුපියල් මිලියන 90.5 කි.
අද දින දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ අඛණ්ඩව පස්වන දිනයටත් රිචඩ් පීරිස් සමාගමේ කොටස් මිල ඉහළ යන ප්‍රවණතාවක් වාර්තා කිරීමයි. පසුගිය ජූලි 03 වන දින ගනුදෙනු අවසානයේ දී රු. 9.90 ක් ලෙසින් දැක්වුණු රිචඩ් පීරිස් කොටසක මිල අද දින අවසානයේ දී දැක්වුණේ රු. 13.00 ක් ලෙසිනි. මෙය 2011 ජූලි 04 දිනෙන් පසු රිචඩ් පීරිස් කොටසක් ගනුදෙනු වූ වැඩිම මිල වන අතර අවසාන ගනුදෙනු දින 5 තුළ දී සියයට 31කින් සමාගමේ කොටස් මිල ඉහළ ගොස් තිබේ.

අද දින ගනුදෙනු වූ සමාගම් කොටස් අතුරින් සමාගම් 101 ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර සමාගම් 53 ක කොටස් මිල ගණන් පහළගොස් ඇත.
Video Story