රිචඩ් පීරිස් ණයකර නිකුතුවට කොළ එළිය

    April, 16, 2014

    රිචඩ් පීරිස් සමාගම විසින් නිකුත් කිරීමට යන ණයකර කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිවේ.

    මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකර (Rated Unsecured Redeemable Debentures) මිලියන 30 ක් නිකුත් කරන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් නිකුත් කරන ණයකර ප්‍රමාණය තවත් මිලියන 05 ක් දක්වා වැඩිකිරීමට නියමිතය.

    මෙම නිකුතුව මැයි 07 වනදා විවෘත වන අතර නිකුතුවේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ එන්.ඩී.බී. ආයෝජන බැංකුවයි.