රියැදුරු අසුන වෙල්ගමට. මලික් පිටුපසට

    March, 28, 2019

    ඉන්දියාවේ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම සහ ශ්‍රී ලංකාවේ අයිඩියල් මෝටර්ස් සමාගම එක්ව, ශ්‍රී ලංකාවට පළමු වරට ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථයක් ඊයේ (27) දින හඳුන්වා දෙනු ලැබීය.

    Mahindra TREO ලෙස නම් කර ඇති මෙම ත්‍රීරෝද රියෙහි වෙළෙඳපොළ මිල මේ වන විට නිශ්චිතවම තීරණය කර නොමැති අතර එය රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක් වේ යැයි සඳහන් වේ.

    මෙම ත්‍රීරෝද රථය හඳුන්වා දීමේ උත්සවය සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ උප සභාපති, ජාත්‍යන්තර මෙහෙයුම් ප්‍රධානී (දකුණු ආසියාව) සංජේ යාදේව්, මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී වේදිකාවට පිවිසි මෙරට පළමු ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථය තුළට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් ගොඩවූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.