October, 25, 2017
රෙදිපිළි හා අත්යන්ත්‍ර කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා කර්මාන්තපුර වැඩිදියුණු කිරීම සඳහාත් 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි.
ඒ අනුව, අත්යන්ත්‍ර හා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, දැව, හස්ත කර්මාන්ත වැනි අංශවල නියැළී සිටින ගෘහස්ථ නිෂ්පාදකයින් 10,000ක් වාණිජ මට්ටමේ ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමටත්, දැනුම හා නිපුණතා සංවර්ධන වැඩසටහන් මඟින් ව්‍යවසායකයින් 11,000ක් බිහි කිරීම මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 11,000ක් අලුතින් ඇති කිරීමටත් හැකි වන පරිදි 'දිවියට උදානය' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය, රජය විසින් ක්‍රියාත්මක කෙරෙන මේ හා සමාන විවිධ ණය යෝජනා ක්‍රම සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය දෙන ලදී.
Video Story